ගාලු වරායේ නවතා තිබූ නැව තුළ විවිධ වර්ගයේ ගිනිඅවි 3154 ක් සහ විවිධ වර්ගයේ පතොරම් 747,859 ක් සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පාවෙන ආයුධ ගබඩාවක් ලෙස පවත්වා ගෙන ගිය මෙම සේවාව 2012 වසරේ සැප්තැම්බර් 18 වැනිදා දක්වා පවත්වාගෙන ගොස් තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බවත්, ඉන් පසුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම සේවාව පවත්වාගෙන යෑමට පෞද්ගලික ආරක්ෂක සමාගමකට පවරා තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ ආකාරයට ආයුධ නැව පවත්වාගෙන යාමට ලබාදී තිබෙන බලපත්‍රයට අනුව කටයුතු කර තිබේද යන්න සහ ආයුධ තොගය තුළ නීතිවිරෝධී ආයුධ ඇතුළත්ද යන්න පිළිබඳව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එක් විමර්ශන කණ්ඩායමකුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමකුත් වෙන වෙනම පරීක්ෂණ පවත්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.