ශ්‍රී ලංකාවට පාවහන්ආනයනය කිරීම සියයට 60ක සිට සියයට 20ක් දක්වා අඩුකිරීමටත්, මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් විදෙස් රටවලට අපනයනය කිරීමේහැකියාවක් ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවසීය.
සම්භාණ්ඩ නිෂ්පාදකයන් පිරිසක් අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පාවහන් භාවිතයෙන් සියයට 60ක් සපයන ලද්දේ විදේශවලින් ආනයනය කිරීමෙන් බවත්, මේ වනවිට මෙරට පාවහන් වෙළෙඳපොළ සඳහා සියයට 80ක් භාණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කරන බවත් රිෂාඩ් බද්යුදීන් මහතා කීවේය.
එය මෙරට සපත්තු නිෂ්පාදනයේ විශාල වර්ධනයක් බවද 2013වර්ෂයේදී ශ්‍රී ලංකාව පාවහන් අපනයනයෙන් රුපියල් කෝටි 380ක් උපයා ඇති බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
එමෙනම් එය 2015 වර්ෂ අවසානය වනවිට රුපියල් කෝටි 1170ක් දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබුණු බවද, 2016 වර්ෂයේ මුල් මාස අටේදී පමණක් රුපියල් කෝටි 1198ක් වටිනා පාවහන් නිෂ්පාදන මෙරටින් විදෙස් රටවල් සඳහා අපනයනයකර ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.
2013 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේ පාවහන් අපනයන ආදායම සියයට 307කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පෙන්වාදුන්නේය.