මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට සිසුන් දසදෙනෙකු ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ඊයේ (29දා) පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා ආරම්භ කළ උපවාසය අද (30) දිනද අඛණ්ඩවම පැවැත්වේ.
සිසුන් දසදෙනා පාසලට ඇතුළත් නොකරන්නේ නම් යහපාලනයෙන් ඉවත් වන බවට ඊයේ (29දා) අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහු අද (30දා) වනතෙක් ආණ්ඩුවෙන් ඉවත් වී නොමැත.
උපවාසයට පිළිතුරු නොලැබීම හේතුවෙන් ඔහු මතුගම නගරයේ සිට මීගහකිවුල පාසලට පෙළපාලියකින් ගමන් කිරීම ආරම්භ කර තිබේ.
ප්‍රේමතිලක පෙරමුණ