ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ නීතිවිරෝධී අයුරින් වෙළෙඳ පොළට යොමුකරන ව්‍යාපාරිකයන් පිළිබඳ සොයා ඔවුන්ට එරෙහි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එවැනි ව්‍යාපාරික සමාගම් අසාදු ලේඛනයට (Black list) ඇතුළත් කර ඔවුන්ගේ නීතිවිරෝධී ව්‍යාපාර වැළැක්වීමට පියවර ගන්නා ලෙසත්, මේ පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශ සහ පාරිභෝගික අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.