පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දඩ ආදායම පසුගිය වසරේදී රුපියල් ලක්ෂ 223කින් වැඩිවී ඇතැයිඑම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.
පසුගිය වසරේදී නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීම් 21,819කදී තම අධිකාරිය රුපියල් ලක්ෂ 902ක දඩ ආදායමක් උපයා තිබෙන බවත්, 2015 වර්ෂයේදී උපයා තිබූ දඩ ආදායම රුපියල් ලක්ෂ 679ක් වූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
භාණ්ඩවල සඳහන්ව ඇති මිල වෙනස්කර භාණ්ඩ අලෙවි කිරීම,පාලනමිලඉක්මවාභාණ්ඩඅලෙවිකිරීම,පාරිභෝගිකයන් නොමග යවමින් හෝ වංචා සහගත ලෙස භාණ්ඩ අලෙවිය හා සේවා ලබාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදුකර දඩ මුදල් ලබාගෙන ඇතැයිද තිලකරත්න මහතා ප්රකාශ කළේය.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරේදී දිවයින පුරා පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් 1609ක් ක්රියාත්මක කර තිබෙන බවයි.