"පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයක් කියලා දෙපැත්තක් තියනවාද කියලා හිතන්න බැරි විදිහේ එකමුතුවක් නව පාර්ලිමේන්තුවෙ තිබෙනවා" යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අද (20දා) තම ධුරයේ වැඩ භාරගනිමින් මේ හෙතෙම මේ බව පැවසීය.
ජනතාව බලාපොරොත්තු වන පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ඇති කරන්නට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය.
ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයද ඔහු යටතට පත්කර තිබේ.
ඡායාරූප ඉසුරු පෙරේරා