පාර්ලිමේන්තුවේ විපක්ෂයට මන්ත්‍රීධුර 95ක්
ආණ්ඩුවේසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විපක්ෂයේ අසුන් ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ සංයුතිය වෙනසකට ලක්විය.
ඒ අනුව කථානායකවරයා හැර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129ක් වූ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 95ක් විය.
එක්සත්ජාතික පක්ෂය හා ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 106 දෙනෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනෙකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු 55 දෙනෙක්, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු 16 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු 06 දෙනෙක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක්,ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


