පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්රහය සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද (07දා) සම්මත විය.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ චර්යා ධර්ම සම්බන්ධයෙන් 2017 නොවැම්බර් 07 වැනිදා පිළිගන්වන ලද මෙම කෙටුම්පතට පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ගේ අනුමැතිය ඊයේ ලැබුණි.
චර්යා ධර්ම කෙටුම්පත සඳහා කථානායකවරයා අත්සන් කළ පසුව බලාත්මක වන බවත්, එහි සෝදුපත් හා අක්ෂර දෝෂ නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කරන බවත් ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.