පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සොයා ගැනීම සඳහා ඒ පිළිබඳ සියලුම දෙනාගෙන් දිවුරුම් ප්රකාශ ලබාගන්නා ලෙස අද (09දා) උදෑසන කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසි වීමත් සමග පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින කිහිපදෙනෙකු සිටින බවට රට තුළ කතාබහක් ඇතිව තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳා ගැනීමට ද්විත්ව පුරවැසිභාවය තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දිවුරුම් ප්රකාශ ලබාගන්නා ලෙස ඉල්ලා සිටි බවද හෙතෙම කියා සිටියේය.