පාර්ලිමේන්තු මන්ත්රී රවිරාජ් මහතා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට නියෝග
පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂක භටයාට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිට කොළඹ මහාධිකරණ විසින් නිදොස් කොට නිදහස් කරන ලද හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන ලුතිනන් ප්රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් අභියාචනාධිකරණය අද (27දා) වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අභියාචනාධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙලෙස වරෙන්තු නිකුත් කරන ලදී.
පාර්ලිමෙන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂක භටයාට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි හිටපු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනා මෙම චෝදනාවන්ට නිවැරදිකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විසින් ලබාදුන් තීන්දුව ඉවත දමා විත්තිකරුවන් සියලුදෙනාම වැරදිකරුවන් බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් රවිරාජ් මහතාගේ බිරිඳ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් පසු මෙම පෙත්සම ලබන සැප්තැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

