බදුල්ල ප්‍රදේශයට විශේෂ රාජකාරි ගොස් සිටින කුරුණෑගල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චමින්ද නාමල් තලංගම මහතාගේ රාජකාරියට බාධාකිරීම, සාපරාධි බලහත්කාරය පෑම සහ පළාත් සභා මැතිවරණ පනතට පටහැනිව වාහන පෙළපාලියක් ගමන් කරවිම සමිබන්ධව අවශ්‍යව සිටි හිටපු ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගම, බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමින්තූ මන්ති‍්‍ර තේනුක විදානගම සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ කැමරාව උඳුරාගෙන කොල්ලකෑමක් සිදු කර ඇති සැකකරු වන සිරිවර්ධන ගූණවර්ධන ද සිල්වා යන සැකකරුවන් අද දින මහියංගනය පොලිසිය වෙත භාර විමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මහියංගනය වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා වෙත ඉදිරිපත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි. අනුර හා තේනුක විදාගනගම යන සකකරුවන් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදවා හැර ඇති අතර කැමරාව කොල්ලකෑම සමිබන්ධයෙන් ඉදිරිපත් කළ සැකකරු එළඹෙන (11දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය කියයි.