මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 400ක පිරිසක් සහ අචාර්ය මණ්ඩලය, අද(11දා) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා එක්වුහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරාධනයෙන් භික්ෂුන්වහන්සේලා පාර්ලිමේන්තුව නැරඹීමට වැඩමකර තිබුණි.