පාර්ලිමේන්තු සැසිවාර සජීවීව විකාශය කිරිමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව රූපවාහීනී සංස්ථාවේ චැනල් අයි සේවය හරහා පාර්ලිමේන්තු රැස්වීම් සජවීවීව වාකාශය කිරීමට නියමිතය.
මාස තුනක කාලයකින් පසුව පාර්ලිමේන්තුව සජිවීව විකාශය කිරිම සඳහා රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීමටද නියමිතය. චැනල් අයි සේවය මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කිරීම ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් සිම්බාබ්වේ, කොදෙව් හා ශ්රි ලංකා තුන්කොන් එක්දින තරගාවලියේ තරග පැවැත්වෙන විට චැනල් අයි සේවය වෙනුවට ජාතික රූපවාහිනය හරහා පාර්ලිමේන්තුව සජීවීව විකාශය කරයි.