පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ වැටුප් සහ දීමනා වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කළ බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් 'අද' කළ විමසුමකදී අමාත්‍යවරයා පැවැසුවේ එවැනි යෝජනාවක් තවම ඉදිරිපත් වී නොමැති බවයි.