පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශනය වීම කිසිවෙකු විසින් නවත්වන්නේ නැති බවත්, ලබන සතියේ සිට පළමු වැනි පැය සජීවී ලෙස විකාශනය වීමට සලස්වන බවත් කථානායක චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවීව විකාශනය වීම සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා අද (25දා) පාර්ලිමේන්තුවේදී මෙසේ පවසා සිටියේය.
කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අතර කථානායකවරයා විසින් කරන ලද එම හැන්සාඩ් උධෘත මෙහි පහතින් දැක්වෙයි
ප්‍රශ්න අංක 2, ගරු රවි කරුණානායක මහතා; මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
රවි කරුණානායක මහතා
දෙවෙනි ප්රශ්නය අහන්නට කලින් මම ගරු කථානායකතුමාගෙන් අහන්නට කැමැතියි, පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී විකාශනය සම්බන්ධ ඔබතුමාගේ ප්රයත්නය මේ මොහොතේ වුණත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබතුමා දරන මේ ප්රයත්නය නවත්වන්නේ කවුද? කවුරු හෝ හෙනහුරෙක් ඉන්නවා.
කථානායකතුමා
කවුරුවත් නවත්වන්නේ නැහැ. ලබන සතියේ ඉඳන් පළමුවෙනි පැය සජීවී ලෙස විකාශනය කිරීමට සලස්වනවා.
රවි කරුණානායක මහතා
ඔබතුමා සිටින තැන බොත්තම තිබෙනවා නේ, ගරු කථානායකතුමනි.
කථානායකතුමා
ඒකත් තිබෙනවා. නමුත්, කථා පාලනය තමයි කරන්න අවශ්‍ය. ස්ථාවර නියෝග අකුරටම ක්‍රියාත්මක කරනවා. එතකොට ඔක්කොම හරියට කෙරෙනවා.