පාර්ලිමේන්තු සැසිවාරයක් හම්බන්තොටට?
පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් හෝ හම්බන්තොටදී පැවැත්වීමට ආණ්ඩුවේ අවදානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව (MRICC) ඒ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇත.
දැනට පාර්ලිමේන්තු සැසිවාර පවත්වනු ලබන ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ ඉදිරියේදී අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මෙලෙස පාර්ලිමේන්තුව වෙනත් ස්ථානයක රැස්වීමට තීරණයකොට ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තුව කොටසින් කොටස අලුත්වැඩියා කිරීම් සිදුකරන බවත්, සභාගර්භය තුළ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ කාලසීමාව තුළදී පමණක් වෙනත් ස්ථානයක පාර්ලිමේන්තුව රැස්වීමට ඉඩ ඇති බවත්ය. නමුත් මේ පිළිබඳව තවමත් නිශ්චිත තීරණයකට එළඹී නොමැති බවද වීරක්කොඩි මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

