ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත් කළ යුතු සිවිල් පුද්ගලයන් තිදෙනා ඇතුළත් කරගැනීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර කැඳවන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ අද (10දා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී ඉල්ලීමක් කිරීමට නියමිතය.
ව්‍යවස්ථාදායක සභාවට මහජන නියෝජිතයන් පත් කළත් සිවිල් පුද්ගලයන් තිදෙනා කවුද යන්න පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුව තිබේ.
පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට තිබෙන්නේ මේ මස 22 වැනිදාය. ඊට පෙර පාර්ලිමේන්තුව රැස් කරන ලෙසට අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ඉල්ලීම කිරීමට නියමිතය.