වසර දහස් ගණනක සිට පැවත එන ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙදකම ඉන්දියාවට විවර කරදීම සඳහා මේ මස 23 වැනි දින ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ මස 23 වැනි දින ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘TRED – MED’ ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයේදී ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සගමය සඳහන් කරයි.
මෙම ගිවිසුම හරහා දේශීය වෛද්‍ය ක්රමයේ සියලුම දේවල් ඉන්දියාවට සොරාගෙන යෑමට අවස්ථාව ලැබෙන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම ක්‍රියාව එට්කා ගිවිසුමේ කොටසක් බවද සමස්ත ලංකා රජයේ ආර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.