ලංකාවේ මුදල් විදෙස් රටවලට ලබාගන්නා පිරමීඩ ව්‍යාපාරවලට එක්නොවන ලෙසත්, ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඔවුනට පිහිටවීම සඳහා 'ශ්‍රී ලංකා අමුමිරිස්' අභියෝගයට එක්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (11දා) අමුමිරිස් අභියෝගයට මුහුණ දෙමින් පැවසීය.
අමුමිරිස් කරල් 03 ක් මිනිත්තු 02 ක් තුළදී සම්පූර්ණයෙන්ම අනුභව කළ හෙතෙම අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අනුර දීපාල්, මාධ්‍යවේදී සමන් ප්‍රියංකර, රංග ශිල්පී කාවින්ග පෙරේරා යන පුද්ගලයන් වෙත අමුමිරිස් අභියෝගය එල්ල කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා