පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන නව රථ වාහන සැලැස්ම යටතේ හෙට (12දා) සවස 6.00 සිට අනිද්දා (13දා) උදෑසන 8.00 දක්වා කොළඹ සිට හලාවත පුත්තලම දක්වා ගමන්ගන්නා සියලුම වාහන කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්කළ යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්කිරීම වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකරන බවත්, එම කාලය තුළදී කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහනවලටද නොමිලේම කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
13 වැනිදා උදේ 8.00 සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පාප්වහන්සේ බෞද්ධාලෝක මාවතේ අපෝස්තලික නිවහන දක්වා ගමන් ගන්නා කාලය තුළදී කටුනායක හන්දියේ සිට නවලෝක හන්දිය දක්වා වාහන ගමනාගමනය නවතා දමන බවද ඒ මහතා පවසා සිටියේය.