මේවසර තුළ පානීය ජලව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 300ක් ආයෝජනය කරන බව නගර සැලසුම් හා ජලජ සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (05දා) පැවසීය.
විශාල ව්‍යාපෘති 05ක් සඳහා පසුගිය සතියේදී මෙම මුදල් ප්‍රමාණය නිදහස් කළ බවත්,මින් පොළොන්නරුව හා අනුරාධපුරයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති සඳහා බිලියන 150ක් වෙන්කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
පානීය ජල විශාල ව්‍යාපෘති වැඩි ගණනක් සඳහා මෙතරම් මුදල් ප්‍රමාණයක් නිදහස් කර ඇත්තේ ප්‍රථම වරට බවත්,මේවසර ඇතුළත පානීය ජල විප්ලවයක් සිදුකරන බවත් මෙතෙම කියා සිටියේය.
කළුගඟ ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවැනි අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.