කොළඹට හා අවට ප්‍රදේශවලට වර්ෂාව ඇති වූවත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයන් පවතින නිසා පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවැතියහොත් පානීය ජල ගැටලුවකට පවා මුහුණ දිය හැකි බවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළාය.
වසර තුනකට වරක් සිදුවන ජලගාස්තු සංශෝධනය සිදුකළ යුතු කාලය පසුවී තිබුණත් ජනතාව ගැන සිතා ජල ගාස්තු සංශෝධනය කිරීමක් සිදුකර නොමැති බවත්, එහෙත් ජලය පිරිසිදු කර බෙදාහැරීමට විශාල මුදලක් වැය වන බවත් ඒ මහත්මිය පවසා සිටියාය.
වියදම් වන මුදලින් හතරෙන් එකක මුදලක්වත් ජනතාවගෙන් අය නොකරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.