ජාතික ජලසම්පාදන මණ්ඩලය නව ව්‍යාපෘති ඉදිනොකර පෞද්ගලික අංශයෙන් ජලය ලබාගැනීමට සැලසුම්කර තිබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය සඳහන් කරයි.
මේ අනුව අඹතලේ දකුණු ප්‍ර‘දේශයේ පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කරන ජලපිරිපහදුවකින් ඒකකයක් රුපියල් 35 බැගින් ජලය මිලදී ගැනීමට නියමිත බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේය.
මෙතරම් අධික මුදලක් ගෙවා මණ්ඩලය ජලය ලබාගැනීමට යන්නේ රුපියල් 08කට ජල ඒකකයක් පිරිසුදුකර ගැනීමට හැකියාව තිබියදී බවද අද (15දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.