පාතාල අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැස්කර ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට මෙහෙයුම් දියත් කරන ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වලට යොමු කර තිබෙන බවත් පොලීසිය පවසයි.