පාතාල කණ්ඩායම් පාලනය කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
“සියලුම සිදුවීම් පිළිබඳව විමර්ශනය කරලා සත්‍ය තත්ත්වය රටට දැනුම්දීමට පොලීසිය කටයුතු කරාවි කියලා රජයක් විදියට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (03දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.