මෙරට ප්‍රබල පාතාල කන්ඩායම් නායකයකු වන ජාත්‍යන්තර රතු වරෙන්තු පවා ලබා තිබෙන කොස්ගොඩ සුජි නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා ටි පනස්හයේ ගිනිඅවියක් ,එයට දැමිය හැකි පතුරම් තිහක් ,කේරල ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමග අම්බලන්ගොඩ ගලගොඩ මංසන්ධියේදී මැයි මස (18) දා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටියකොට්ටාස නීති බල ගැන්වීම් ඒකකය කියයි .
ඌරගස්මංහංදිය උතුරු මාගල පදිංචි මේ සැකකරු යුධ හමුදා සේවයෙන් පලා ආ දරුණු ගණයේ අපරාධකරුවකු බව පවසන එම ඒකකය සැකකරු අපරාධයන් සදහා ප්‍රයෝජනයට ගන්නා ත්‍රිරෝද රථයක් ,යතුරු පැදියක්ද මේ සමගම අත්අඩංගුවට ගත් බවද කියයි .එමෙන්ම පොලිසියට අපහාස වන අයුරින් මුද්‍රණය කොට තිබු දැන්වීම් 178ක්ද මේ සමගම අත්අඩංගුවටගත් බවද පොලිසිය කියයි .
කොස්ගොඩ සුජි නමැති පාතාල කණ්ඩායම් නායකයාගේ විවිධ අපරාධ හා ගංජා ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා වන ෆ්‍රෙඩ් නමැති අනවරත නාමයෙන් පාතාලය අතර ප්‍රසිද්ධ මේ සැකකරු 2018 වසරේ අප්‍රේල් මස 5 වැනිදා රාත්රියේදී ඉදුරුව ප්‍රදේශයේදී සංචාරක හෝටල් හිමිකරුවකු හා විදෙස් සංචාරකයකු ගමන්ගත් මෝටර් රථයට වෙඩි තබාඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කිරීම සහා 2014 වසරේදී බෙන්තොට ප්‍රදේශයේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම ,2016 වසරේදී වැලිපැන්න ප්‍රදේශයේදී මවකට හා කුඩා දරුවකුට වෙඩි තබා එම දරුවා ඝාතනය කොට මවට බරපතල තුවාල සිදු කිරීම ආදී විවිඩ අපරාධ රැසකටම ඍජුවම සම්බන්ධ බව පවසන පොලිසිය සැකකරු මේ සියලුම අපරාධයන් සිදුකර ඇත්තේ කොස්ගොඩ සුජි නමැති පාතාල කණ්ඩායම් නායකයාගේ නියෝගයන්වලට බවද කියයි .
සැකකරුට සැගවී අපරාධයන් සැලසුම් කිරීමට හා අපරාධයන් සිදුකොට සැගවී සිටීමට කොස්ගොඩ සුජි නැමැත්තා විවිධ ප්‍රදේශවලින් නිවාස කිහිපයක්ම මිලදීගෙන දී ඇති බවත් සැකකරු මේ නිවාසවල සිට මේ අපරාධයන් ඉතා සුක්ෂමව සිදුකරමින් යන බවත් පොලිසිය කියයි .
කොස්ගොඩ සුජි නමැත්තාගේ හොදම ගොලයකුවීමේ අරමුණින් ඔහුගේ තවත් සගයකු වන ඌරගස්මංහන්දිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු ලබාදුන් රහස් තොරතුරුවලට අනුව ඉතා ෂුක්ෂම අයුරින් මේ සැකකරු නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවූ බවද පොලිසිය කියයි .