විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී අදට (22දාට) වසර 14ක් සම්පූර්ණ වේ.
ඒ හේතුවෙන් අද විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබෙන අතර ඔහුගේ වෙබ් අඩවිය ( http://champikaranawaka.net/) යාවත්කාලීන කොට නැවත අන්තර්ජාලයට මුදා හැරීමත් හෙට සිදුවෙයි.
මැයි මස 22දා ශ්‍රී ලංකාවටද විශේෂ දිනයක් වෙයි. ඒ ශ්‍රී ලංකාවේ ජනරජ දිනය එදිනට යෙදී ඇති හෙයිනි. 1972 වසරේ මැයි මස 22දා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය.