සියලු ලිපි ලේඛණ තමන් සතු බවත්, ත්රස්තවාදයට මුදල් දුන්නාද නැද්ද යන්න විවෘත සංවාදයකට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂට අභියෝග කරන බවත් එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද (9දා) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
“මහින්ද රාජපක්ෂ මහතා උතුරේ නිවාස 1200 ක් ඇති කිරීම සඳහා යැයි කියමින් ව්‍යාජ සමාගම් 03ක් ඇතිකර ගනිමින් සිදුකළ ගනුදෙනුව පිළිබඳව දැන් සියලු තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳව නඩු පැවරීමට කටයුතු කරනවා. විදේශගත එල්.ටී.ටී.ඊ. කණ්ඩායම් සමග දකුණු අප්‍රිකාව හරහා කළ ගනුදෙනුව පිළිබඳව අනාගතයේ හෙළි කිරීමට
රටේ ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතැයි මිත්‍යාමත පතුරවනවා. ඒ වගේම කොටි සංවිධානය නැවත නැගිටිනවා යැයි ප්‍රකාශ කරනවා. අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා ත්රස්තවාදයේ ඇතැම් පිරිස් සංවිධානය වුවත්, මේ රටේ ආරක්ෂක අංශ කිසිම අවස්ථාවක එවැනි තත්ත්වයකට ඉඩ තියන්නේ නැහැ. ත්රස්තවාදයට ඉදිරියේදී හිස ඔසවන්න ඉඩ තබන්නේ නැහැ”