පාකිස්තානයේ කරච්චි නගරයේ ෂියා මුස්ලිම් වැසියන් ගමන්ගත් බස් රථයකට ගොඩවූ තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට පොලීසිය වාර්තා කරන ආකාරයට යතුරුපැදිවල පැමිණි තුවක්කුකරුවන් 6 දෙනෙකු මෙම ප්රහාරයට සහභාගි වී ඇති අතර, ඔවුන් අන්තවාදී ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් බව විශ්වාස කෙරෙයි.
ඉස්මයිලී ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසක් රැගෙන වන්දනාවේ ගිය මෙම බස් රථයේ 60කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර, තුවක්කුකරුවන් බස් රථය නවත්වා මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ.
විදෙස් වාර්තා පවසන ආකාරයට එරට සුළුතර ෂියා මුස්ලිම්වරුන් අන්තවාදී සුන්නි සටන්කාමීන්ගේ වෙඩි තැබීම්වලට නිරන්තරයෙන් ගොදුරු වෙති.
කෙසේ වෙතත් මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.