මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළ 26 හැවැරිදි තරුණියක නාවික හමුදා සෙබළෙකු විසින් ටී. 56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර ඇතැයි මාතර පොලීසිය කියයි.
තරුණියට වෙඩි උණ්ඩ 14ක් වැදී ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් පසු නාවික හමුදා සෙබළාද සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
ඊයේ (10දා) රාත්රියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන අතර ප්‍රේම සම්බන්ධයක් අතර මග නවතා තැබීම ඝාතනයට හේතුව බව වාර්තා වෙයි.
තංගල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබලා රාජකාරී ඇඳුම් පිටින්ම පැමිණ ඝාතනය කර තිබේ.