බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නව මෙහෙයුමක් අරඹා ඇතැයි ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
තමන් දිවයිනේ නොමැති අවස්ථාවකදී මීට සතියකට පෙර හිටපු ජනාධිපතිනියගේ කොළඹ නිවසට බස්නාහිර පළාත් සභා මැතිඇමතිවරුන් හා මධ්‍යම රජයේ ඇමතිවරුන් පිරිසක්ද කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබෙන බව රණතුංග මහතා ප්‍රකාශ කළේය.
එයට සහභාගි වූ මන්ත්‍රීවරයෙකු තමන් දිවයිනට පැමිණි පසු සියලු තොරතුරු ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.