බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (09දා) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැත. මීට පෙර ඒ මහතාට අද දින පැමිණෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය දන්වා තිබුණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් පොලිස්පතිවරයාගෙන් අද (09දා) දින කරන ලද ඉල්ලීමක් හේතුවෙන් මහ ඇමතිවරයාට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට යෑමට අවශ්‍ය නොවුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්ක කණ්ඩායම් නායකත්වය ප්‍රසන්න රණතුංග මහතාට පවරා ඇති බැවින් ඒ සඳහා මැදිහත්වීමක් කරන්නැයි සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර ඉල්ලා ඇත.