තමාගේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා අද (22දා) දින මිරිහාන පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබාදුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
අදාළ සෙබළුන් තිදෙනා අධිකරණ ඇප මත මුදාහැරීමෙන් පසු මේ වනවිට යුද හමුදා පොලීසිය විසින් ප්‍රශ්න කිරීම්වලට ලක්කරන බවද ඒ මහතා කියා සිටියේය.
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍ර‘යේ අද (22දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේජර් ජනරාල් ප්රසන්නද සිල්වා මහතා වසර 15 ක් නිල ගිනි අවිය ලෙස පරිහරණය කළ පිස්තෝලය අත්අඩංගුවට පත් සෙබළෙකු ළඟ තිබී ඇති බවයි.
එසේම මේජර් ජනරාල්වරයාගේ සෙබළුන්ට ගමන් කිරීමට ලබාදී තිබුණු වෑන් රථයෙන් ඔවුන් ගොස් තිබුණේ යුද හමුදාවෙන් නිකුත් කළ අංක තහඩුව ඉවත් කර, ඉදිකිරීම් සමාගමකට අයත් අංක තහඩුවක් සවිකරගෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.