උතුරු මැද පළාතේ පාසල්හි අද (23දා ) උදෑසන පැවති දෙවන වාර විභාගයේ 11 වන ශ්‍රේණියට අදාලව ලබාදුන් ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ I කොටසෙහි ප්‍රශ්න 40ටම පිළිතුරු සැපයීමට පිළිතුරු ලියන ලද කොල කිහිපයක් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් විසින් රැගෙනවිත් තිබියදී විභාග රාජකාරියේ නිරත වූ ගුරුවරුන් විසින් සොයා ගනු ලැබ තිබේ.
සාමාන්‍යපෙළ විභාගයට පෙරහුරුවක් වශයෙන් පවත්වන මෙහිදී ලබාදී ඇති ප්‍රශ්න පත්‍රය පසුගිය සෙනසුරාදා රජයේ පාසල් ගුරුවරියක විසින් අනුරාධපුර නගරයේ පැවති උපකාරක පංති කිහිපයකින් සිසුන් අතට පත්ව තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.