ප්‍රමිතියෙන් තොර ආහාර විකුණන වෙළෙඳුන් සොයන මෙහෙයුම් දැඩි කෙරේ
උත්සව සමයේදී ප්‍රමිතියකින් තොර ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන මෙහෙයුම් අද (18දා) සිට දැඩි කිරීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ලංකාව පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 331 මූලික කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2030 ක ප්‍රමාණයක් පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මෙහිදී අනාරක්ෂිත ආකාරයට ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ආහාරවල ප්‍රමිතිය කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව සොයා බලන බවත්, ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේදී ආහාරවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් ඒ පිළිබඳව 0112 635 675 දුරකථන අංකයට හෝ ප්‍ර‘දේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.
සාමාන්‍ය ලෙස දෙසැම්බර් 01 වැනි දින මෙහෙයුම් ආරම්භ කළ බවත්, එය ජනවාරි 31 වැනි දින දක්වා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
දෙසැම්බර් පළමු වැනි දින සිට 13 වැනි දින දක්වා ස්ථාන 5867 ක පරීක්ෂා කිරීම් සිදුකර තිබෙන බවත්, එම ස්ථානවලින් නිසි ප්‍රමිතියකින් තොරව භාණ්ඩ අලෙවි කළ ස්ථාන 1002 ක් හඳුනාගෙන තිබෙන බවත්, ස්ථාන 492කට අවවාද ලබා දී නිවැරදි කිරීම සිදුකරන ලෙසට අවවාද සහ නඩු පැවරීම් 387 ක් සිදුකර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

