පැයට කිලෝමීටර් 255ක් ඉක්මවන ප්රබල සුළි කුණාටුවක් නැගෙනහිර පිලිපීනය වෙත කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
නොක්-ටෙන් යනුවෙන් නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂයකට අධික ජනතාවක් බයිකොල් පළාතේ වෙරළ තීරයෙන් ඉවත් කළ බව එරට බලධාරීහු පවසති.
මෙම සුළ කුණාටුවත් සමග දැඩි ගංවතුර තත්ත්වයක් මෙන්ම, නායයෑමේ අවදානමක් පවතින බවද එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.
මුහුදද දරුණු ස්වභාවයක් ගෙන ඇති අතර, අඩි හය ඉක්මවන දිය රැළි නැගෙන බවත්, මේ තත්ත්වය තුළ වරාය කිහිපයක්ම වසා දැමීමට කටයුතු කර ඇති බවත් එරටින් වාර්තා වෙයි.
පසුගිය ඔක්තෝබර් මාසයේද පිලිපීනය හයීමා සුළ කුණාටුවට මුහුණදුන් අතර, ඉන් ජීවිත හතරක් අහිමි විය.
මෙම නොක්-ටෙන් සුළ කුණාටුව නීනා යනුවෙන්ද හඳුන්වන අතර, එය මෙම වසරේදී පිලිපීනයට බලපාන ප්රබලතම චණ්ඩ මාරුතය බවද කියයි.
.jpg)
.jpg)