විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්රාගාරයට විදුලිය සැපයීම අත්හිටුවන බවට දන්වා ඇති බැවින් හෙට (17දා) පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා පැය 11ක කාලයක් තුළ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අලුත්ගම දර්ගා නගරය සහ බෙන්තොට යන ප්රදේශයන්හි ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.