අඹතලේ ජල පවිත්රාගාරයේ සිට ජලය බෙදා හැරෙන ප්රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොට්ටේ, කැස්බෑව, කොළඹ 5 ප්රදේශයේ ජල සැපයුම බිඳ වැටී ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එසේම කොළඹ 6, කොළඹ 7 ප්රදේශයන් හා බේස්ලයින් මාර්ගයේ බොරැල්ල සිට කිරුළපන දක්වා ප්රදේශයන්හි ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බවත්, හැකි ඉක්මනින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කරන බවත් ජාතික ජලසම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය පවසයි.