ශ්‍රී ලංකාවේ පළාත් සභාවක් විසින් සම්මත කරගත් පළමු වාරිමාර්ග ප්රඥප්තියට හිමිකම් කීමට වයඹ පළාත් සභාව අද (03දා) සමත්විය.
හයවැනි වයඹ පළාත් සභාවේදී මෙම වාරිමාර්ග ප්රඥප්තිය වැඩි ඡන්ද 29 කින් සම්මත විය. මීට විපක්ෂව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළ අතර, එක්සත් ජාතික පක්ෂය හා ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය. සිවුවැනි හා පස්වැනි වයඹ පළාත් සභාවේද මීට ඉහතදී මෙම ප්රඥප්තිය සම්මත කරගැනීමට උත්සාහ කළත් ඒ අවස්ථා දෙකම ව්‍යර්ථ විය.