2015 ජනපතිවරණයේ ප්රතිඵලය වෙනස් කිරීම සඳහා තමන් ආරක්ෂක අංශ යොදාගැනීමට උත්සාහ කළ බවට වාර්තා වන තොරතුරු ප්රතික්ෂේප කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් විශේෂ ප්රකාශයක් කරමින් හෙතෙම සඳහන් කරන්නේ, මැතිවරණයේ අවසන් නිල ප්රතිඵලය නිකුත් කිරීමට මත්තෙන් තමන් ජරාජය බාරගත් බවත්, නව ජනපතිවරයාට සුබ පැතූ බවත්ය.
ජය හා පරාජය දේශපාලනයේ ස්වභාවය බව පවසන හිටපු ජනපතිවරයා, දශක කිහිපයක සිය දේශපාලන දිවියේදී සෑමදිනම ජනතාවගේ තීන්දුවට ආචාර කළ බව පවසා සිටී.