මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිසුන් ලියාපදිංචි කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් සිදුකිරීමට තීරණය කර තිබේ. සිසුන් ලියාපදිංචිය වරින් වර සිදුකිරීමෙන් ඇතැම් පාඨමලා හැදෑරීමේ අවස්ථා අහිමි වීමෙන් ළමුන්ට අසාධාරණයක් සිදුව ඇති බවට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ලද පැමිණිලි සලකා බලා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවද එම කොමිසම සඳහන් කරයි. සිසුන් ලියාපදිංචි කිරීම් සඳහා යම් කාල සීමාවක් ලබාදී එම කාල සීමාව තුළ කටයුතු සිදුකෙරෙනු ඇති අතර, පසුව ලියාපදිංචි වූ සිසුන්ගේ නාමලේඛන අදාළ විශ්වවිද්‍යාලවලට ලබාදීමට කටයුතු කරනු ඇත.