(VIDEO) වර්තමානය වනවිට රට තුළ ප්රජාතන්ත්රවාදය නොමැති බවත් ජනතාවට ඇති ප්රශ්න අමතක කිරීම සඳහා රජය විසින් ප්රශ්න නිර්මාණය කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාපවසයි.
අද (16දා) පෙරවරුවේ මහරගම පැවැති උත්සවයක් අමතමින් රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේය.
“මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මිනිස්සුන්ට කන්න නෑ. බඩු ගන්න නෑ. රජයේ සේවකයාගේ පඩි වැඩි කරන්නේ නෑ. මේ සියල්ලටම ප්රශ්න රාශියකට මුහුණදී තිබෙනවා. රට අස්ථාවර වෙලා. ඩොලරය නගිනවා. මේවා ඔක්කොම අමතක කරවන්න අලුත් අලුත් දේ හදනවා. හැබැයි කොහොම වුණත් ප්රජාතන්ත්රවාදයට කනකොකා හඬලලා” යැයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.
හැබැයි ඔබතුමාලා නිශ්ශබ්දව සිටියා
අපි කතා කළා. ඔයාලට ඇහුන්නේ නැති වුණා.