ප්‍රංශයේ Charlie Hebdo සඟරාව පවත්වාගෙන ගිය පැරිස් මාධ්‍යය ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
උපහාසය කැටිකළ සඟරාවක් ලෙස ප්‍රකට මෙහි නවතම ටිවිටර් පණිවුඩයක ඉස්ලාමීය රාජ්‍යයේ නායක අබු බකර් අල් බග්ධාදි දැක්වෙන කාටූනයක් පළ කර තිබුණි.
මෙම ප්‍රහාරය මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් සිදුකර ඇති අතර, ප්‍රහාරයෙන් පසු පළා යාමට ප්‍රථම ඔවුන් පොලීසිය සමගද වෙඩි හුවමාරුවක් සිදුකරගෙන ඇති බව පැවසෙයි.
ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ මෙය අනිවාර්යයෙන්ම ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැරීසිය පුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පැවසෙයි.