ප්රංශයේදී ජිහාඩ් අන්තවාදීන්ට එරෙහිව සිදුවූ මෙහෙයුම් දෙකකදී ත්රස්තවාදීන් තිදෙනෙකු ඇතුළුව ඔවුන් ප්රාණ ඇපයේ තබාගත් සිවිල් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය බදාදා පැරීසියේ චාර්ලි හෙබ්ඩෝ සඟරාවේ කාර්යාලයට කඩා වැදී ජීවිත හානි 12ක් සිදුකරමින් පළා ගිය ජිහාඩ් සහෝදරයන් දෙදෙනා උතුරුදික පැරීසියේ ගබඩා සංකීර්ණයක සැඟව සිටියදී පොලීසිය සමග සිදුකළ වෙඩි හුවමාරුවේදී ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම, ඔවුන්ට සම්බන්ධ තවත් ජිහාඩ් සටන්කාමියෙකු නැගෙනහිර පැරීසියේ සුපිරි වෙළෙඳ සැලක් තුළ සිටි පුද්ගලයන් ප්රාණ ඇපයේ තබාගෙන සිටි අතර, ඔවුන් බේරාගැනීමට එරට ප්රතිත්රස්ත බලකාය සිදුකළ මෙහෙයුමේදී එම ත්රස්තවාදියා සහ ප්රාණ ඇපකරුවන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ප්රංශ පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයන් සිවු දෙනා මෙහෙයුමට පෙර ජිහාඩ් අන්තවාදියා විසින් ඝාතනය කරන්නට ඇති බවයි. කෙසේ වෙතත් මෙම මෙහෙයුම අතර තවත් 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල ලබා තිබේ.