ප්‍රංශ අගමැති මැනුවෙල් වාල්ස් සිය රජයේ ඉල්ලා අස්වීම ජනාධිපති ප්රංශුවා හොලන්දේ වෙත ලබාදී ඇති බව පැවසෙයි.
ප්‍රංශයේ ආර්ථික අමාත්‍ය අර්නෝඩ් මොන්ටේබෝග් සම්බන්ධයෙන් පැන නැගී ඇති විවේචන හේතුවෙන් තමන් සහ රජය ඉවත්වීමට තීරණය කළ බව හෙතෙම පවසා තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ ඉවත්වීමෙන් කෙටි වේලාවකට පසුව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඔහු වාල්ස්ගෙන් ඉල්ලා ඇත්තේ නව රජයක් පිහිටුවන ලෙසය.