ප්ලූටෝ ග්‍රහයාගේ නයිට්රජන් අයිස් ග්ලැසියර තිබිය හැකි බව එම ග්‍රහයා පිළිබඳ නිව් හොරයිසන් යානය ලබාගත් නවතම ඡායාරූපවලින් හෙළිවන්නේ යැයි විද්‍යාඥයෝ පවසති.
අප සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා ග්‍රහ ලෝකයක් වන ප්ලූටෝ ගේ තතු ඉතා නිවැරදිව හෙළි කරන ඡායාරූප රැසක් මේ වනවිටත් පෘථිවියට එවා ඇති අතර, එම ඡායාරූප සකස් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.
මෙම ඡායාරුපවලින් ප්ලූටෝගේ භූමි තලය, වායුගෝලය සහ ග්‍රහලෝකයේ සැබෑ වර්ණය පිළිබඳ රහස් රැසක් හෙළි වන බවද පැවසෙයි.