ඉදිරි දිනවලදී බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත් වලට ඉතා තද වැසි (මිලි මීටර් 150 ඉක්මවූ) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරුව 11.00 වන විට දිවයිනේ නිරත දිග කොටසේ හා වයඹ පළාතෙත් ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර්තා වී ඇති බවත් අද (22දා) පෙව 11.30ට ඔවුන් නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙයි.
මේ අතර අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියෙන් වන අතර එම අගය මිලි මීටර් 194.8කි.
