පළාත් සභා සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණත්, මෙතෙක් එම පනත පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් වී නොමැති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා අදාළ කමිටු වාර්තාව ඉදිරි පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේය.
සීමා නිර්ණය කමිටුව විසින් ඉතාමත් කාර්යක්ෂම ලෙස මාස 04ක් වැනි කෙටි කාලයක් තුළ සීමා නිර්ණ වාර්තාව අවසන් කර විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත ඉදිරිපත් කර තිබෙන බවද පවසා සිටියේය.
අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවත්, මෙම වාර්තාව සම්මතවීම ප්‍රමාද වීම තුළ මැතිවරණය පැවැත්වීම කල් යන බවද සඳහන් කළේය.මේ වසර අවසන් වනවිට පළාත් සභා 9න් 6ක නිලකාලය අවසන් වන බවද පවසා සිටියේය.