පළාත් සභා විෂයන් මධ්‍යම ආණ්ඩුවට ගන්නේ නෑ
සංවර්ධන විශේෂ විධිවිධාන පනත මගින් පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් සිදුනොවන බවත් , ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගැනීමක් සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත මගින් සිදු කිරීමට අපේක්ෂිත කාර්ය භාරය පිළිබදව පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් අතර අද (23දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදි අග්රාමාත්යවරයේ මේ බව පවසා තිබේ.
පළාත් සභාවන්ට අයත් කිසිදු විෂයයකට කිසිදු බලපෑමක් පනත මගින් සිදු නොවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් බවත් අගමැති කාර්යාල නිකුත් කළ නිවේදනයේ වෙයි.
ජාතික සංවර්ධන කාර්යයන් සඳහා පළාත් සභා සම්බන්ධ කරගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් අගය කරන බවත් අනෙකුත් ප්‍රධාන ඇමතිවරුන් සමග ද සාකච්ඡා කර යෝජනාවලියක් ලබාදෙන බවත් සාකච්ඡාවට එක්වූ ඌව, දකුණ, බස්නාහිර හා නැගෙනහිර පළාත් සභා මහ අමාත්‍යවරු පවසා තිබේ.
එම යෝජනාවලියට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අවකාශ ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

