දකුණු, බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රථම මරණය දොම්පේ ප්‍රදේශයෙන් වර්තා විය. එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවෙකුට ප්රචාරක සැරසිලි කරමින් සිටියදී යම්කිසි කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එම ආධාරකරුවා මියගොස් තිබෙන බව පැෆරල් සංවිධානයේ මාධ්‍ය අංශ සඳහන් කරයි.
මීට අමතරව මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ වූදා සිට මේ වනවිට ප්රචාරක කටයුතු සිදු කිරීමේදී ඇති වූ සිද්ධීන් මත 18 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බවද එම සංවිධානයේ මාධ්‍ය අංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.